Saturday, March 9, 2019

Python programming

Print something to the console -:

print("Hi there")

Here we donot use semicolon to terminate the statement.

C Programming in Sinhala - #01

මේ පාඩම් මාලාවෙන් අපි කතා කරන්න C පරිගණක භාෂාව ගැන. මුල ඉදන්ම සරල ව හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට තමයි මේ පාඩම් සීරීස් එක කරගෙන යන්නේ. ඒ නිසා දිගටම පාඩම් ටික පිළිවෙලට ෆලෝ කරන්න අවසන් වෙනකන්ම. අද පාඩමෙන් අපි ඉගෙන ගන්නේ C භාෂාවෙන් වැඩ කරන්න අපේ කම්පියුටර් එක ලැහැස්ති කරගන්නේ  කොහොමද කියන එක ගැන.

C භාෂාවෙන් වැඩ පටන් ගන්න අපිට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා.( මෙතැනදී මන් කතා කරන්නේ වින්ඩෝස් පරිගණකයක් සෙටප් කරගන්න විදිය ගැන.)

1) Text editor
2) Compiler

ටෙක්ස්ට් එඩිටර් එක ඇතුලේ තමයි අපි C භාෂාවට අදාල කෝඩ් ලියන වැඩ කරන්නේ. ඒ වගේම අපි   ඒ  විදියට ලියපු කෝඩ්, පරිගණකයට තේරුම් ගන්න පුළුවන් Machine Language එක බවට පරිවර්තනය කරන්නේ කම්පයිලර් එකෙන්. එතකොට මේ  දෙකම සහ තවත් වැඩ ගොඩක්  පුළුවන් සොෆ්ට්වෙයාර් එකට අපි IDE එක කියල කියනවා. මේ පාඩම්  මාලාව පුරාවටම අපි පාවිච්චි කරන්නේ Codeblocks කියන IDE එක. ඔයාලට අවශ්‍යනම් වෙනත් ඕනම IDE එකක් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්.

පහළ මන් දාල තියෙන  url එකෙන් ඔයාලට පුළුවන් codeblocks IDE ඩවුන්ලෝඩ් කරගන්න.

http://www.codeblocks.org/downloads


Click on image to zoom in 

Codeblocks IDE එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන විදියටම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ කම්පියුටර් එකේ පහසු තැනක ෆෝල්ඩර් එකක් හදාගන්න අපි C වලින් කරන වැඩ ටික සේව් කරගන්න. දැන් IDE එක ඕපන් කරලා පහළ මන් දාල තියෙන විදියට පිළිවෙලට කරගෙන යන්න. ඒ වැඩ ටික ඉවර වුණාම අපිට පුළුවන් C ලැන්ග්වේජ් එකෙන් ප්‍රෝග්‍රෑමින් වැඩ කරන්න පටන් ගන්න.